සහිතද, රහිතද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-29-ent-147එක්තරා නිෂ්පාදන ආයතනයක් මගින් කුලී පදනම මත කැමරා ආම්පන්න හා අදාළ සේවක මඬුල්ලක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය රෑගත කිරීම් සඳහා ලබාදෙන අතර, එම ආයතනයේ දැඩි විශ්වාසය රඳා පවතින්නේ එහි සේවකයන් තුළ ඇති විනයානුකූලභාවය නිසා.

එම ආයතනයේ කිසිදු සේවකයෙකුට රාජකාරී වේලාවන් තුළ බුලත් හැපීම හා දුම්පානය සපුරා තහනම්ය.

එහෙත් එක්තරා රෑපගත කිරීමකදී එම ආයතනයේ එක් සේවකයෙක් බුලත් හපමින් අවට බුලත් කෙළ ගසා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණා. පහුවදාම අදාළ සේවකයා කාර්යාලයට ගෙන්වා සාමාන්‍යාධිකාරීතුමා හමුවුණා.

"අපේ උපදෙස්වලට පටහැනිව බුලත් සපමින් වැඩ කරලා තියෙන බවට අපට පැමිණිල්ලක් ලැබී තිබෙන නිසා ඔබව දින 7ක් අනිවාර්ය නිවාඩු යවනවා, සාමාන්‍යාධිකාරී කිව්වලු.

"අනේ සර් ඒ නිවාඩු පඩි සහිතද පඩි රහිතද කියලා මට දැනගන්න පුළුවන්ද?"

කළමනාකරැට මළ පැන්නලු.

"අයිසෙ මට කියනවා, තමුසෙ බුලත් විට හැපුවෙ හුණු සහිතද? හුණු රහිතද?"

 

DESHAYA