සල්ලි දෙනවනම් ඕන රෙද්දක් හා මෙයා...
එදා අපේ ප්‍රවීණ නළු නිළියො කී දෙනෙක් නම් නොමිලේ චිත්‍රපටවල රඟපාලා තියෙනවද? මුදලට වඩා ඔවුන් මුල්තැන දුන්නෙ කලාවට, එහෙමත් නැත්නම් මනුස්සකමට.
ඒත් වර්තමානයේ තත්ත්වය වෙනස්. අද තරැ බවට පත්වෙන්න ඕනෑම කැපකිරීමක් කරන තරැණ ශිල්පීන්, යම්කිසි තත්ත්වයකට ආවායින් පස්සෙ මුල්තැන දෙන්නෙ මුදල්වලට. හැමෝම නොවුණත් බොහෝ අය එහෙමලු.
ඉතින් මේ අයට අනාථ නිවාසයක තෑගි බෙදාදීමේ උත්සවයකට කතා කළත් ඉස්සෙල්ලම අහන්නෙ ඒ අයට කීයක් ගෙවනවද කියලා. දැන් දැන් ඔය ලෙඩේ උග්‍රවෙලා මාධ්‍යවලටත් ඔය පාට් එක දාන අයත් ඉන්නවලු.
ෆොටෝ ෂූට් එකට එන්න කිව්වම ඇඳුම් ගන්න ඕනෙලු, සාරි ගන්න ඕනෙලු කියලා ගාණක් කඩාගන්න ට්‍රයි කරනවා.
පුංචි තිරයේ වැඩසටහන්වලට කතා කළාමත් කියනවලු, හොඳ සාරියක් නැහැ, 25,000 ක් විතර යයි හොඳ සාරියක් ගන්න කියලා.