සල්ලි දීලත් ගන්න ලේසි නැතිලු
හිටපු ලොකුතැන පසුගියදා රජරට පළාතෙ සංචාරයකට උඩින් යන්න ප්ලෑන් කළා. පළාතෙ මිනිස්සු උන්නැහේ කාර්යබහුල දවසක සංවිධානය කරපු උත්සවයකට යන්නයි මේ ගුවන් ගමන කරන්න හිටියෙ...
ඉතින් ආරස්සාවත් හොඳ නිසා ආණ්ඩුවෙ හමුදාවෙන්ම හෙළිකොප්ටරයක් සල්ලි ගෙවල ගන්න ඉල්ලුවම ගමනෙ විස්තර එහෙමත් අරගෙන. අනේ එදාට හෙලිකොප්ටර නෑනේ. ඔක්කොම "බුක් නෙ" කියල බලධාරින්ගෙන් උත්තර ලැබුණා.
ඊළඟට හිටපු ලොකුතැනට හිතවත් උඩරට මන්ත්රීතුමෙක් අතින් සල්ලි ගෙවල යන්න පෞද්ගලික හෙලිකොප්ටරයක් කුලියට ගන්න මුදල් බැන්ද...
ඊළඟට බලධාරින් කිව්වලු එදාට ඔය යන්න තියන පළාත ආරක්ෂිත කලාපයක්. රජරට යන්න ඕන නම් කෙළින් පාරෙ යන්න බැහැ වටෙන් යන්න කියලා... හැබැයි අර පැත්ත හතර මායිමේ යන්න බැහැ කියල තහනම් ගුවන් කලාපයක් නම් කළාලු.
ඒත් යන්න තිබුණ ගමන් ගණනාවක වැදගත්කම හින්ද වටෙන් ගිය ගමනට වැඩිපුර ගෙවල හරි යන්න ඕන කියල හිටපු ලොකුතැන ගමන ගියා... ඒත් යනකොට හුඟක් ප්රමාද වුණ නිසා එයාට එන ගමන ගුවනින් එන්න ලැබුණෙ නැතිලු. ඒ නිසා උඩින් ගිහින් බිමින් ආවලු...