සර් නොකිව්වොත් බඩුම තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-06-ent-27එක්තරා කාලෙක ඉහළින්ම වැජඹුණු රජයේ ඇතැම් රෑපවලට ප්‍රසිද්ධ ආයතන පසුකලෙක දැඩි කඩාවැටීමකට පත්වුණේ දේශපාලන මැදිහත්වීම් නිසා කියලයි බොහෝ අය විශ්වාස කරන්නෙ.

ඒත් ඒවා නිවැරදි කරන්නට ඉදිරිපත් වුණු අලුත් පාර්ශ්වයන් විසින් ද එවැනි වැරදි සිදුවන බව අකමැත්තෙන් වුවද පිළිගන්නට වෙනවා.

විශේෂයෙන් රජයේ විද්‍යුත් ආයතනයක, ඒ කියන්නෙ මුලින් කී රෑපවලට ප්‍රසිද්ධ ආයතනයකට පත් වී සිටින චරිතයක් නටන පිස්සුව නිසා එම ආයතනය දැඩි පිරිහීමකට ලක්වෙලා.

ඒත් අර ඉහළ නිලධාරියා ඉහළින්ම පත්වුණු නිසා ආයතනයේ සෙසු ලොක්කොත් කිසිම දෙයක් කරකියාගන්නට බැරි විදිහට අසරණ වෙලා.

මේ නිලධාරියාට පුදුම ‘සර්’ පිස්සුවක්ලු තියෙන්නෙ. එයාගෙ ඩ්‍රයිවර්ට, පියන් මහත්තුරැන්ට එයාම කියනවලු උදෙන්ම එයා එනකොට ‘ගුඩ් මෝනිං සර්’ කියන්න කියලා.

‘ගුඩ් මෝනිං කෑල්ල හෙමින් කිව්වට කාරි නැහැ, හැබැයි සර් කෑල්ල ඇහෙන්න කියනවා’ එහෙමලු තරවටු කරන්නෙ.

ඔන්න ඊයෙ පෙරේදා එහෙම නොකරපු පියන් මහත්තයෙකුට වැඩේ වැරදිලා. විධායක නිලධාරීන්ගෙන් එවැනි ප්‍රතිචාර නොලැබෙන විට ඔවුන් මොනවහරි චෝදනාවකට ලක්කරලා නොයෙක් තැන්වලට තල්ලු කරනවලු.

 

DESHAYA