සමගිය වණ කරන්නෝ
පුටු පාටිය කඩාගන්නෙ නැතුව සමගි කරන්න මහන්සිවෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන මහත්තුරැ ගණනාවක් ඉන්නව...
උන්නැහේලා රාජපක්ෂ - සිරිසේන සමගියට නොයෙක් නොයෙක් වැඩ වගේම සාකච්ඡා කරනවා... ඒත් මේ සමගියට බාධා කරන ප්‍රකාශ නිකුත් කරන ඉහළ මට්ටමේ ලේකම් පට්ටම්ධාරින් එක්කෙනෙක් දෙන්නෙක් ගැන සමගියට වැඩකරන අය උදහස් වෙලාලු ඉන්නෙ. රජරටින් උඩරටින් ආපු දෙතුන් දෙනෙක් තමන් ගොඩනගන සමගි සන්ධාන සාකච්ඡා එක ප්‍රකාශයකින් කඩා ඉහිරවනව කියලයි සමගියට වැඩකරන පිරිසගෙ මතේ. මේ නිසා ඉදිරි දවස්වල සමගිය කඩාකප්පල් කරන අය සම්බන්ධව පක්ෂයෙ ලොකු තැන එක්ක කතා කරන්න පිරිසක් තීන්දු කළාලු.
තමන්ගෙ උත්සාහය කඩාකප්පල් කළොත් ඊළඟ ඡන්දෙදි දිස්ත්‍රික් මට්ටමින් වෙන්න යන දේ ගැන ගණන් මිනුම් එක්ක විග්‍රහයකුත් කරන්න අදහස් කරනව කියලයි ආරංචි.