සංසාරෙ එපා වෙනවා මචං
ඔහු කුඩා කාලයේ සිටම ක්‍රීඩාවට හා සටන් කලාවට දැඩි ලෙස ඇලුම් කරන තරුණ සටන් නළුවෙක්. විවිධ සටන් ක්‍රම ප්‍රගුණ කරලා තිබුණට මෙයා නම් චිත්‍රපටවල වැඩියෙන්ම ඉන්නෙ ගුටිකන සීන්වල තමයි.
ළඟදි චිත්‍රපටයක වැඩ කරන්න ගිහින් ඔහු ඇත්තටම ගුටි කාලා තියෙනවා. වැරදීමකින් වැදුණු පාරක් නිසා.
වම් ඇහැ ළඟ වැදුණු පාරෙ සැරට ඔහුගේ ඇහැ බලන් ඉඳිද්දි ඉදිමෙන්නට පටන් ගත්තා. වහාම ළඟම තියෙන ඉස්පිරිතාලෙට ඔහුව රැගෙන ගියා.
වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු නවත්ත ගත්තා. ඔහුගේ මූණ හොඳටම ඉදිමිලා. වම් ඇස පේන්නෙ නැති තරමට පුංචි වෙලා.
පහුවදා මේ තරුණ සටන් නළුවා ඔහුගේ ළඟම මිතුරන්ට එස්.එම්.එස්. එකක් යවනවලු,
"මචං සංසාරෙ එපා වෙනවා බං"කියලා.
යාළුවොත් ඔහුට පිළිතුරු යවනවා.
"ඇයි මචං කැක්කුම වැඩිද?"
"හොස්පිට්ල් එක අවුල්ද?"
"උඹ එනකං අපි ෂූටිං නවත්තලා."
"කොළඹ ඇස් රෝහලට එන්න කැමතිද?"
"ඉස්පිරිතාලෙ කී වෙනි වාට්ටුවෙද ඉන්නෙ?" මේ වගේ ආපු පිළිතුරු වලට ඔහුත් ප්‍රතිචාර දක්වනවා.
"මට වාට්ටුවක්වත් පේන්නෙ නෑ මචං. එස්.එම්.එස්. ගහන්නෙත් පුරුද්දට මිසක් අකුරු පේනවට නෙමෙයි."
කලබල වුණු ඔහුගෙ යාළුවො දෙන්නෙක් ඔහුව බලන්න ගියාලු. බොහොම අමාරුවෙන් වාට්ටුව හොයාගෙන.
"මොකෝ මචං සංසාරෙ එපා වෙනවා කිව්වේ. ඇහේ ඉදිමුම ඇරෙන්න උඹට වෙන ප්‍රශ්නයක් නැහැනෙ?"
"නැහැ... නැහැ..."
"එහෙනම් මොකද්ද අවුල?"
"අල්ලපු වාට්ටුවේ ලෙඩෙකුගේ පොඩි බබා වයස අවුරුදු 4ක් විතර ඇති. ඒ ළමයා බත් කන්න හොර නිසා එයාව මගේ වාට්ටුවට ගෙනත් මාව පෙන්නලා ඒ ළමයට බත් ටික කැව්වා බං. මං ගෝනි බිල්ලෙකුගේ තත්ත්වෙට පත්වුණාම සංසාරෙ එපා වෙන්නෙ නැද්ද කියලා කියහංකො."