සංඝරාජෙ ටයර්ගේම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-05-ent-13අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක්ගෙ කාරෙකේ ටයරයේ හුළං ගිය නිසා මරදාන පැත්තෙ කඩේකට ගිහින් පැච් එකක් දාගන්න. කම්බි එළියට පැනලා තියෙන නිසා පැච් දාන්නත් බෑ අලුතින්ම ටයර් දාන්න ඕනෙලු. එකක් දාලා බැහැනෙ, පිටිපස්සට අලුතින් ටයර් 2ක්ම දාන්න ඕනෙ. අමතර SPACE වීල් එක දාගෙන ඔන්න දැන් මේ නළුවා ටයර් ගන්න පුළුවන් කඩයක් හොයාගෙන ටෙක්නිකල් හන්දියෙන් සංඝරාජ මාවතට දැම්මලු. ටික දුරක් එනකොට දකුණු පැත්තෙ ටයර් කඩයක්.

“ආ මහත්තයා එන්න ටයර් දෙකක්ම දානවද?”

“කෝ බලන්න මොනවද තියෙන්නෙ හොඳ ටයර්?” නළුවා ඇහුවලු.

ඔහුට හොඳ අලුත් ටයරයක් පෙන්නලා ගාණත් කතා කරගත්තා ටයර් දෙකක් දාන්න.

කඩෙන් එළියට බැස්ස ගමන් ගෝලයො දෙන්නෙක් ජැක් එක දාලා රෝද දෙකත් ගලවලා. ඒ අතරතුර කඩේ දෙන්නෙක් මේ නළුවා එක්ක ලොකු කයියක් දාගෙන ඉන්නවලු චිත්‍රපට ගැන, ටෙලිනාට්‍ය ගැන. එකපාරටම නළුවා කාර් එක දිහා බැලුවලු. තාම ටයර් දෙක දාලා නෑ.

“අයිසෙ ටයර් දෙක දාලා නැද්ද තාම, මට දැන් ෂූටිං යන්නත් පරක්කු වෙනවා. කෝ මුදලාලි?” මුදලාලි පේන්න නැහැලු.

“නෑ සර් ඒකට ටයර් එකක් අඩුවෙලා ළඟ කඩේට ගියා ගේන්න දැන් එයි.”

පැයක් ගිහිල්ලත් මුදලාලි නැහැල්ලු. කාර් එක කොට උඩ.

බැලින්නම් මේ නළුවා එතන ටයර් ගේම් දෙන කට්ටියකට අහුවෙලා තියෙන්නෙ.

ඒගොල්ලො අලුත් ටයර් පෙන්නලා ආමර් වීදියෙන් නැවත පුරවපු - ටයර් ගෙනල්ලා අලුත් ඒවා විදිහට හයිකරනවලු. මේ නළුවා කෑගහලා අර පරණ ටයර් දෙකම ආයෙත් හයිකරන්න කිව්වලු.

පැය දෙකක් ගිහිල්ලත් අර ළඟ කඩේට ගිය මුදලාලි තාම ආවෙ නැතිලු.

 

DESHAYA