වොෂ් රූම් සෙල්ෆි
අපේ තරැණ කලා ශිල්පීන් පිරිසක් පහුගිය දවසක පිටරටකට ගියාලු කලා කටයුත්තකට. වැඩේ අතරතුර කාලය ගොඩාක් තිබුණු නිසා ඒ රටේ හැමතැනම ඇවිදින්න මේ සෙට් එක අමතක කළේ නැහැ.
ඔන්න ඒ රටේ අගනුවර තිබුණු ලොකුම සාප්පු සංකීර්ණයටත් මේගොල්ලො ගියා. ඒ රටේ මිනිස්සු අපේ කට්ටිය අඳුනන්නෙ නැති නිසා හරිම සැහැල්ලුවෙන් නිදහසේ තමයි කාලය ගත කරලා තියෙන්නෙ.
දැන් අර සුප්රසිද්ධ සාප්පු සංකීර්ණයට ගිය කට්ටිය සෙල්ෆියක් ගන්න තීරණය කළාලු. හොඳ තැනක් එහෙම බලලා සෙල්ෆි කීපයක් ගත්තලු එක එක්කෙනාගෙ ෆෝන්වලින්.
හැබැයි පුදුමෙ කියන්නෙ මේගොල්ලො සෙල්ෆි ගන්නවා බලන්න ඒ රටේ මිනිස්සු ගොඩදෙනෙක් ඇවිත් ඉන්නවලු.
“මුන් අපිව අඳුරනවා වගේ බං” අපේ එක්කෙනෙක් කිව්වලු.
ඒත් එක්කම ටිකක් වයසක පහේ මනුස්සයෙක් ඇවිත් “එක්ස්කියුස් මී” කියලා අපේ කලා ශිල්පියෙකුට යමක් කිව්වලු.
“කට්ටිය මෙතනින් යමු. වෙන තැනකට ගිහින් සෙල්ෆි ගමු...” “ඇයි මොකද්ද අවුල..”
“අපි වොෂ් රෑම් එකට යන පාර අවහිර කරගෙන නෙ සෙල්ෆි අරන් තියෙන්නෙ. මේ කට්ටිය ඇවිත් ඉන්නෙ අපිව බලන්න නෙවෙයි.. වොෂ් රෑම් යන්න...”