විවාහකයින්ට අදාළ නැති මෝඩයින්ගේ දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-273පසුගිය දවසක යෙදුණු අප්‍රේල් පළවෙනිදා නොහොත් මෝඩයින්ගේ දිනය ගැන නොයෙක් කතා අහලා තියෙනවා, කියලා තියෙනවා.

මේ අවුරැද්දෙ මෝඩයින්ගේ දිනයේ උදෙන්ම මුණු පොතේ දුටු දසුනකින් කවුරැත් මොහොතකට කැළඹුණා. අපේ ජනප්‍රිය රංගන ශිල්පී දොන් ගයි සුදු ඇඳුමින් සැරසී මිනී පෙට්ටියක නිසොල්මන්ම නිදාසිටි දර්ශනයට කවුරැත් "නිවන් සැප ලැබේවා", "සමාදානයේ සැතපේවා" කියලා comment දාලත් තිබුණා. හදිස්සියේ දොන් ගයිට සිද්ධ වුණු දේ කාටත් අදහාගන්නට බැරි වුණා. කොහොම හරි පැය කීපයක් යද්දී එය මෝඩයින්ගේ දිනය වෙනුවෙන් අපිව අන්දවන්න ඔහු සුදු ඇඳුමක් ඇඳගෙන තිබෙන බව තහවුරැ වුණා.

ඒ අතර තිබුණ තවත් මෝඩයින්ගේ දිනයට අදාළ post එකක් කාගෙත් මුවඟට සිනාවක් මතු කරන්න සමත් වුණා.

“මෝඩයින්ගේ දිනය සමරන්නේ තනිකඩයින් පමණි. එය විවාහකයින්ට අදාල නැත. හේතුව, විවාහකයින්ට සැමරීම සඳහා ඔවුන්ගේ විවාහ සංවත්සරය තිබෙනවා."

 

DESHAYA