විනය කඩුව අතට අරන්
පොහොට්ටුව පක්ෂයට නායකත්වය දෙන මහාචාර්යතුමාට ශ්‍රී.ල.නි.ප.යෙන් විනය කර්මයක් කරන්න යනවය කියලා ආරංචියි.
ශ්‍රී.ල.නි.ප. ඉඳගෙන පොහොට්ටුව හදල ඒකේ සභාපති පට්ටම ලබාගැනීම වරදක් බව කියමින් උන්නැහේගෙන් නිදහසට කරැණු අහන්න මහ ලේකම් දුමින්ද උන්නැහැ තීන්දු කළා...
ඊට පස්සේ දින ගණනක් තුළ නිදහසට කරැණු දක්වන්න කියල පොහොට්ටු සභාපතිට ලියුමක් ඇරිය...
මේක හොඳින් අධ්‍යනය කරපු පොහොට්ටු ලොක්ක ගැලපෙන දේශපාලන උත්තරයක් ලියල යැව්ව කියල ආරංචියි. ඒ උත්තරේ සඳහන් වුණේ මීට කලින් පක්ෂ කඩාගෙන ගිහිල්ල පක්ෂයේ අපේක්ෂකයෝ පරාජය කරපු අයට මුලින්ම විනය පරීක්ෂණයක් තබා ඊළඟට තමන්ගේ විනය පරීක්ෂණය තියන්න කියලලු.
මේ උත්තරේ පොහොට්ටු ලොක්ක පක්ෂයට යැව්වත් තවම උත්තරයක් ලැබුණේ නැහැ කියලයි කියන්නෙ.