වැල්වටාරම් නළුවා
අලුත් ටෙලිනාට්‍යයකට නළු නිළියන් තේරීමේ සාකච්ඡාවකට ළඟදි ඒ නිර්මාණයේ අධ්‍යක්ෂක, නිෂ්පාදක, නිෂ්පාදක කළමනාකරැ ඇතුළු පිරිසක් සහභාගි වුණාලු.
එක්තරා සටන්කාමී චරිතයකට අධ්‍යක්ෂකවරයා නළුවකුගේ නමක් යෝජනා කළාලු.
ඒ වෙලේම නිෂ්පාදන කළමනාකරැ ඒ අදහසට තදින්ම විරැද්ධ වුණාලු.
"අපි එයාව ගත්තොත් ඉතින් කොටස් 5කින්වත් කතාව කෙටි කරන්න වෙයි," ඔහු නිෂ්පාදකවරයාට කිව්වලු.
"ඇයි මොකක්ද ප්‍රශ්නෙ? මිනිහ අවුල්ද නැහැනෙ..." නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකගෙන් ඇහුවා. ඒකටත් උත්තර දුන්නෙ නිෂ්පාදක කළමනාකරැ.
"මම මෙයත් එක්ක වැඩ කරලා තියෙනවා. හොඳට රඟපානවා, ඒත් කෑම බීමෙදි පොඩි අවුලක් තියෙනවා. උදේට පානුයි පරිප්පුයි දුන්නම අහනවා වෙන වැල්වටාරම් නැද්ද කියලා."
"ඒ කිව්වෙ..."
"ඒ කියන්නෙ අමතර වෑංජන. දවල්ටත් එහෙමයි, එයාට වැල්වටාරම් වෑංජන ගොඩාක් ඕනෙ... ඒකනෙ ගොඩක් අය එයාට වැල්වටාරම් නළුවා කියලා කියන්නෙ."