වැඳලා කියන්නම් මාව මාරැ කරන්න සර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-14-ent-06මේ රටේ සල්ලිවලට වග කියන ඉහළම පෙළේ අමාත්‍යංශයක එකවුන්ටන් මහත්තුන්ට ලොකු ග්‍රහ අපලයක් ලබලලු...

මේ තනතුරට එන කිසිම කෙනෙක් මාස දෙකකට තුනකට වඩා ඉන්නෙ නැතිලු මාරැවක් අරන් යනවලු..

මේ අමාත්‍යංශයට මීට මාස දෙකකට කලින් ආපු එකවුන්ටන් මහත්තය ඊයෙ පෙරේදා රාජ්‍ය පරිපාලනේට දුවලා ගියේ හතිදාගෙනලු. ගිහින් එතන ලොක්කකුට නොවඳිනා වැඳුම් වැඳලා කිව්වලු "අනේ සර් අතන තියන වවුචරැයි බිලුයි අත්සන් කළොත් මට විතරක් නෙවේ අපේ දරැ පවුලටත් කවදහරි හිරේ තපින්නයි වෙන්නෙ... ඒ හින්දා අනේ සර් මගේ රස්සාව බේරා දෙන්න... ඕන සයිබීරියාවකට මාව මාරැ කරන්න... මම මේ ලියුමකුත් ලියාගෙනමයි ආවෙ" කියලා.

මෙයාගෙ මේ ප්‍රබල දුක්ගැනවිල්ල අහපු රාජ්‍ය පරිපාලන ලොක්කා කීව "මේ අවුරැද්දෙ මාස තුන හතරක් ඇතුළත ඔතෙන්ට ආපු දෙවැනියා තමයි ඔයා. ඔයාටත් බැරිනම් අපි කොහොමද ඔතෙන්ට මිනිස්සු හොයන්නෙ..." කියලා. ඊට පිළිතුරැ දුන් එකවුන්ටන්තුමා කීවා "ඒක නම් මම දන්නෙ නැහැ සර්... මට නම් තව පැයක්වත් එතන රස්සාව කරන්න බැහැ. කොල්ලොයි කෙල්ලොයි, ගෑනුයි හැමෝම නියෝග දෙන්න එනවා... කාටද ඕව කරන්න පුළුවන්*

එහෙම කිව්ව එකවුන්ටන් හිටපු තැනට යන්න බෑම කිව්වම උන්නැහේට මාරැව ලැබුණා. දැන් රටේ මහ අමාත්‍යංශයේ මහ එකවුන්ටන් පුටුවට කෙනෙක් හොයනවා. ඒත් එක් භාරගන්න කෙනෙක්ලු නැත්තෙ. 

 

DESHAYA