වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-09-ent-158එක්තරා වකවානුවක කොළඹ නගරයේ ඇතැම් ජනාකීර්ණ පෙදෙස් ආශ්‍රිතව ‘වීඩියෝ පාලර්’ තිබුණු බව බොහෝ දෙනෙකුට මතක ඇති.

ඒ වගේ තැන්වල බොහෝ වෙලාවට පෙන්නුවෙ වැඩිහිටියන්ට පමණක් සිමාවුණු විදෙස් චිත්‍රපට. කාලයාගේ ඇවෑමෙන් බොහෝ ගෙවල්වලට වීඩියෝ / ඩීවීඩී එන්න පටන් ගත්තායින් පස්සෙ අර අහුමුලුවල තිබුණ පාලර් නැතුව ගියා.

ඒත් ඒ කාලෙ ඒ වගේ තැන්වල චිත්‍රපට බලපු අපේ එක්තරා ශිල්පියෙකුට අපූරැ සිදුවීමක් වෙලා කියලා ආරංචියි.

ඔහු ඊයෙ පෙරේදා දවසක කොළඹ ආමර් වීදිය පැත්තෙ හාඩ්වෙයාර් බඩු ගන්න ආපු වෙලාවක අර වගේ ගොඩනැගිල්ලක දැකලා තියෙනවා ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි’ කියලා බෝඩ් එකක්. ඒකෙ තිබුණා රාත්‍රී 8 සිට කියලත්. කුතුහලය වැඩිකම නිසාම මෙයත් ඒ ගොඩනැගිල්ලෙ බෝඩ් එක තියෙන 3 වැනි මහලට ගියාලු. ඒකෙ ගහලා තිබුණ බෝඩ් එක දැකලා ඔහු දවස් ගාණක් හිනාවුණාලු.

‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි - දිනපතා රාත්‍රී 8 සිට විශේෂ ඉංග්‍රීසි කතා පුහුණු කරන පන්තිය’