වහපාන් කතෝ!
පහුගිය දවසක එක්තරා කලාකරුවකුගේ තරුණ පුතෙකුට ජපානෙට ගිහින් උසස් අධ්‍යාපනය හදාරන්න ශිෂ්‍යත්වයක් ලැබුණලු. මේ කලාකරුවන් ඉතින් මහ ආඩම්බරෙන් මේ ගැන හැමෝටම කියනවලු. ෂූටිං ගියත් එහෙමලු. ඔන්න ඔය වගේ දවසක ප්‍රවීණ කලා අධ්‍යක්ෂක කෙනෙකුට මේ කතාව කනට ඇහුණලු.
“ඇත්තද පුතා ඉගෙන ගන්න ජපන් යනවා කියන්නෙ. බොහොම හොඳයි. හරි ලස්සන රටක්. මිනිස්සුත් හොඳයි, හරි විනීතව හැසිරෙනවා. හැබැයි වෙලාවකට කතාව වැඩියි. අපිට භාෂාව නොතේරෙන හින්දා අහගෙන ඉන්නත් අමාරුයි. පුතාට ජපන් භාෂාව තේරෙනවද?” ඔහු අර ශිල්පියාගෙන් ඇහුවලු.
“භාෂාව නම් ඒ හැටි දන්නෙ නෑ. ගිහිං අල්ලා ගනී - කොල්ලා දක්ෂයා...”
“එහෙම නෙවෙයි මම පුතාට වචන දෙකක් කියලා දෙන්නම්. ඒක කට පාඩම් කරගෙන ගියොත් ටික කාලයක් යනකම් ජාම බේරගෙන ඉන්න පුළුවන්...”
“අනේ කොච්චර දෙයක්ද? මම පුතාට කියන්නම්කො. මොකක්ද ඒ වචන දෙක?”
“ඔන්න ජපන් ජාතිකයෙක් පුතා එක්ක ජපන් භාෂාවෙන් කතා කළා කියමුකො තොරතෝංචියක් නැතුව. අන්න ඒ වගේ වෙලාවට පුතාට කියන්න තියෙන්නෙ, “වහපාන් කතෝ” කියලා - එච්චරයි - ජපන්කාරයා කතාව නවත්තයි...”
“ඉතිං මොකක්ද මේ වචන දෙකේ තේරැම...?”
“අයියෝ ‘වහපාන් කතෝ’ කියන්නෙ ‘කට වහපන්’ කියන එකනෙ...”