වහන්නද? අරින්නද?
ඔන්න සති 3ක කාලයක් එක දිගටම නුවරඑළියෙ ෂූටිං ඉවර වෙලා 10 දෙනෙක් විතර කොළඹ එන්න වෑන් එකකින් පිටත් වුණාලු ටිකක් රෑ වෙලා. කිලෝමීටර් 5ක් වත් එන්න ලැබුණෙ නෑලු ඒකෙ හිටිය ශිල්පිනියන් දෙන්නෙකුගෙ බරබරේලු. එක්කෙනෙක් කියනවා වෑන් කේ ජනේලෙ වහන්න කියලා.
අනිත් කෙනා කියනවා අරින්න කියලා. දැන් රියදුරු මහත්තයටත් මේක ලොකු ප්‍රශ්නයක්ලු.
‘මේකෙ යන අනිත් අයට කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. මොකද ඔය දෙන්නගෙ විතරක් මේ කන්දොස්කිරියාව. හරි මම ඒකට හොඳ විසඳුමක් දෙන්නම්.
දේනනම කැමති වෙන්න ඕනෙ. නැත්නම් මම මෙතනින් අඩියක් වාහනේ හොලවන්නෙ නැහැ,’ රියදුරු තැන කිව්වලු.
‘කිලෝමීටර් 20ක් ජනේලෙ ඇරගෙන යනවා. ඊළඟ කිලෝමීටර් 20 ජනේලෙ වහගෙන යනවා. කැමති නම් යමු, නැත්තම් මම ආපහු ලොජ් එකට ගිහින් බස්සනවා.’
ඒත් එක්කම කොළඹට එනකම් දෙන්නටම හොඳටෝම නින්ද ගියාලු.