වසන්තගේ විසිල්
සිංහල සිනමා වංශකතාවේ වසන්ත සමයේ සුවිශාල මෙහෙවරක් ඉටුකළ සම්මානනීය සිනමා අධ්යක්ෂක වසන්ත ඔබේසේකර දැයෙන් සමුගත්තෙ කාගෙත් හිතට දුකක් ඇතිකරමින්.
ඔහුගේ මළගමට පැමිණි කලා ශිල්පීන් බොහෝ දෙනෙක් වසන්තට සම්බන්ධ රසකතා රුසක් යළි මෙනෙහි කළා.
වසර කීපයකට පෙර අපේ ප්රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් වසන්තගේ බම්බලපිටිය නිවසට ගිහින් තියෙනවා.
ඒ වෙලාවෙ වසන්ත විසිල් ගසමින් ගේ පුරාම ඇවිදිනවලු.
"මොකෝ වසන්ත විසිල් ගගහා ගේ පුරා ඇවිදින්නෙ..."
"නෑ මචං මගේ කාර් එකේ යතුර තිබ්බ තැන මතක නැහැනෙ. අවුලක් නෑ මෙහෙම විසිල් කළාම තියෙන තැනකින් "බීප් බීප්" කියලා සද්දයක් එනවා. අනේ මචං උඹලත් විසිල් ගහපල්ලකො."
දැන් තුන්දෙනාම ගේ පුරාම විසිල් ගගා ඇවිදිනවලු.
ටික වෙලාවකින් වසන්තට කෝල් එකක් එනවලු යතුර තියලා ආපු ගෙදරින්.