වස විස නැති කසල බෑග් එක
අර මොරටුව පැත්තෙ මහල් නිවාසක ඉන්න වැඩිහිට කලාශිල්පියෙක් ගැන මීට කලිනුත් කතාවක් කිව්වා මතක ඇති. ෆ්‍රිජ් එකේ එයාගෙ බිරිය උයන්න ලෑස්ති කරපු එළවලු ටික කුණු ට්‍රැක්ටර් එක දාපු කතාව.
ඔන්න ඔහුටමයි කුණු සීන් වෙන්නෙ කියලා හිතෙනවා මේ කතාවත් අහපුවාම.
ළඟදි දඹුල්ල පැත්තෙ ෂූටිං ගිහිං ගෙදර ඇවිත් තියෙන්නෙ සතියකට පස්සෙ. එතකොට ඒ පැත්තෙ වසවිස නැති එළවලු, පළතුරු වවන ගොවි පොළකින් ගෙදරට අවශ්‍ය එළවලු, පළතුරු බෑග් කීපයක් අරං ඇවිත්. මේ ගොල්ලො ඉන්නෙ මහල් නිවාස සංකීර්ණ උඩ තට්ටුවක. පහුවදා උදෙන්ම ඔහුගේ බිරිය ඒ එළවලු පළතුරු වලින් එයාලගෙ දුවට වෙනම බෑග් එකක් හදලා මහත්තයාට කිව්වලු ළඟ පාතක ඉන්න දුවට ගිහිං දෙන්න කියලා. එදා කුණු ට්‍රැක්ටර් එක එන දවස නිසා කුණු බෑග් එකත් පහළින් තියලා යන්න කිව්වලු. බෑග් දෙකත් අරගෙන මෙයා පඩිපෙළ බැහැලා ගිහිං, කුණු බෑග් එක පහළින් තියලා දුවගෙ ගෙදරට පයින්ම ගියාලු. එක පාරටම ඔහුට මතක් වුණාලු කලින් දවසෙ වෙනම ගෙනාපු අඹ වගයක්, දුවට දාලද කියලා බලන්න. බෑග් එක ඇරියා විතරයි ඔහුට තරු පෙනුනලු. ඔහුගේ ළඟ කුණු ට්‍රැක්ටරේට ගෙනියන්න තියලා තියෙන්නෙ වස විස නැති එළවලු බෑග් එක. ඔහු දුවගෙන ඇවිත් වහාම බෑග් එක මාරු කර ගත්තලු.