වලියට පිටින් සපෝට් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-14-ent-01ඒකාබද්ධ කස්ටියගෙ සංවිධාන කටයුතුවලට ආපු රාජපක්ෂ පවුලෙ හිටපු ඇමැතිතැනට අකමැති අය ආයෙ හෙමින් සද්දෙ දාන්න පටන් අරන්ලු.

ඉස්සර මේ කණ්ඩායමේ හත් අටදෙනෙක් හිටියත් දැන් ඉන්නෙ තුන්දෙනයිලු. දෙන්නෙක් හිටපු ඇමැතිලලු. දකුණෙ කටකාරයකුත් මැදරට කටකාරයකුත් දකුණෙන් මුල්වරට දේශපාලනයට ආපු දේශපාලන පැංචෙකුත් මේ අතරෙ ඉන්නව කියලා ආරංචියි...

පසුගිය දවසෙ බදුල්ලෙන් පටන්ගත්ත විරෝධතා රුස්වීමටත් මෙයින් දකුණෙ කටකාරය ගියේ නැතිලු. 

උන්නැහේලා බැසිල් උන්නැහේගෙ ආගමනයට අප්සෙට් වුණේ එයා පැමිණීම රජයට අලුත් මාතෘකාවක් සපයන නිසා කියලයි කියන්නෙ...

කොහොම හරි මේ විරෝධතාවල ඉන්න තුන්දෙනාට හුළං ගහන්නෙ රජයේම ඉන්න එක්තරා ප්‍රබල චරිතයක් කියල හිටපු ලොකුතැනට කෙනෙක් කොම්ප්ලේන් කළාලු. ඒත් උන්නැහේ ඒක ගණන් නොගෙන කිව්වලු... "එක හීනෙන් එළිවෙන්නෙ නැහැනේ අපි බලමු කියලා"

 

DESHAYA