ලොබියෙ ඇදුණු වලිය
ඌවෙන් බිහිවුණ කැබිනට් ඇමැති සයිස් මහත්තයකුයි ඒ පළාතෙන්ම බිහිවුණ මන්තිරි සයිස් මහත්තයකුයි අතරෙ කලක පටන් නයි මුගටි වලියක් තියනවලු. එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බැරිතරමට දැන් වැඩේ දුරදිග ගිහිල්ලා කියනවා...
නිතරම පැටලෙන මේ දෙන්නගෙ අලුත්ම පටලැවිල්ලට හේතුව උමා ඔයේ ප්‍රශ්නයක්ලු. විජය ධජ නංවාගෙන ඉන්න මන්තිරිතුමාට නොකිය උන්නැහේගේ කොට්ඨාශයෙ ඇමැතිතුමා මීටිමක් දාලලු... තමන්ට නොකිය මනාප රුස්කරන්න ඇමැතිතුමා කරපු මේ ඩිජිටල් වැඩේ නිසා මල පැනලා හිටපු මන්තිරිතුමා රුස්වීමට ආපු දිසාපති තැනගෙන් බෙල්ලට අනතුරක් කරනව කිය කිය පාරම්බබා ඉන්නකොට මැතිසභා ලොබියේදී අපේ ඇමැතිතුමා හම්බුවෙලා.
කතාව ඇදිලා යනකොට ඇමැතිතුමාටත් මල පැන්න හරි අපි පස්සෙ බලාගමු කියල මේ තරැණ ඇමැතිතුමා මාරැවක් දානකොට පස්සේ මොකද්ද දැන් බලාගනිමු කියපු විජය ධජ නංවපු මන්තිරිතුමා අතපය උස්සගෙන ගේමට සැට් වුණාලු.
එහෙන් මෙහෙන් පාරක් දෙකක් වැදුණ කියලත් ආරංචියි. අන්තිමට එතන හිටපු මන්තිරි සගයෝ ලෝක ජරමරයක් කරලා වලිය නැවැත්තුවා.
ඊට පස්සේ මේ ගෝරියෙ ගෞරවය ගන්න ට්‍රයි කරපු එක්කෙනෙක් ගැහුවෙ මම ගුටිකෑවෙ අරය කියල නිව්ස් ප්ලාන්ට් එකකුත් දැම්ම කියල ආරංචියි.
කවුරැ කාට කොහොම කීවත් කවුන්සිල් ලොබිය වෙච්ච වැඩේනම් කැතයි කියලයි අපට කියන්න තියෙන්නෙ.