ලොකු පුටුවක් ගැන අනාවැකියක්
පොලිස්පති සටන උණුසුම් වෙනකොට මේ ගැන කාගෙ කාගෙත් තියන උනන්දුව වැඩිවෙනව.. ආණ්ඩුවත් මේ ගැන නම් තුනක් සලකා බලනවය කියලා ආරංචියි..
ඒ ජරමර අස්සෙ මේ තනතුර බලාපොරොත්තුවෙන කෙනෙක් පසුගිය දවසක කඩුවෙල කිට්ටුව ඉන්න ප්රකට දෛවඥතුමෙක් හම්බුවෙන්න ගියාලු.. ගිහිල්ල ඒ ගැන අනාවැකියක් කියන්නැයි ඉල්ලීමකුත් කළා කියලා කියැවෙනව..
ඊළඟට දෛවඥතුමා පොඩි නිමිත්තකුත් අංජනමකුත් බලල අනාවැකියක් කිව්වලු. ඒ අනාවැකිය අනුව කියැවුණේ මේ නම් තුනෙන් සුදුසුම පුද්ගලයට තනතුර ලැබෙයි කියලලු. නමක් කියලා නැහැ හැබැයි තනතුර ලබන්නාගේ නම හරියටම දැනගන්න ඕනෑ බව අනාවැකිය අහන්න ගිය තැනැත්තා කිව්වම ආයෙමත් බුලත් කොළයක් අරන් තමන් සැක කරන කෙනාගෙ නම හිතාගෙන විනාඩි 5කින් එන්න කීවලු.
අනාවැකිය අහන්න ගිය කෙනා ඒ විදියට විනාඩි 5කින් බුලත් කොළයත් අරන් ආවය කියමුකො.
ඊට පස්සෙ දෛවඥතුමා පරලවෙලා එකපාරටම කියයි.. ඔබ හරි ඔබ හිතන් ඉන්න කෙනාට තමයි ඒ තනතුර ලැබෙන්නෙ කියලා.. එතකොට අනාවැකිය අහන්න ගිය කෙනාගෙ මූණ සවුත්තු වුණා. දෛවඥකුටියෙන් එළියට ආවා.. ඊට පස්සෙ උන්නැහේ යන ගමන් තමන් එක්ක ආපු සගයට කිව්වලු ඒකත් එහෙනම් එහෙම තමයි.. මං හිතුවෙ මං ගැන නෙවෙයි අහවලාගැනයි කියලා..
ඒත් පොලිස්පති පුටුව ලැබෙන්න යනවය කියන අහවලා කව්ද කියලා නම් උන්නැහේ කියලා නැහැ.