ලේකම් තැනට රතු එළියක්
මාධ්‍ය කටයුතු මෙහෙයවන ලේකම් සයිස් මහත්තයකුට ලොකු පෝරියල් එකක් වැටිලලු. ඒ පෝරියල් එක දුන්නෙ රටේ දෙවැනි මහත්තයය කියනවා.
රජයට අයිති ස්වාධීන මාධ්‍ය ආයතනයක කටයුතුවලට උන්නැහේ අනවශ්‍ය ලෙස මැදිහත්වීම. ඔවුන් කරන්න යන වැඩසටහන් මාලාවක් ගැන තමන්ගෙ අන්තර් ජාල ගිණුම මගින් විරෝධය පළකිරීමත් අර්බුදයට හේතුවක් කියල කියනව.
මෙයට කලින් අවස්ථා ගණනාවකදිත් තමන් කරපු කියපු දේවල් නිසා අර්බුදේට ලක්වූ මුන්නැහේට මේ පාර ආණ්ඩුවෙ දෙවැනි මහත්තය අමතක නොවන පාඩමක් කියලා දුන්නෙ මේ වගේ පට්ටම් දරන කාටකාටත් ආදර්ශයක් ගන්න විදියටලු.