ලෙඩෙක් වෙන්න බැරිද?
කලා ක්ෂේත්රයට ඍජුවම සම්බන්ධ නොවුණට කලාකරුවන් සමඟ සමීපව ඇසුරු කරන වෙනත් ක්ෂේත්රයක කෙනෙක් ඉඳහිට පුංචිපහේ රඟපෑම්වලටත් සහභාගි වෙනවා.
කාලය ලැබෙන පරිදි ඔහුගේ හොඳම මිතුරන්ගේ ඉල්ලීම් අහකදමන්නට බැරි අවස්ථාවල ඔහු චිත්‍රපටවල ටෙලිනාට්‍යවල පුංචි කොටස් රඟපානවා. ඔහු නම් කියන්නෙ පෙනීහිටිනවා කියලා.
හැබැයි ඉතින් ඔහුට දිගටම ලැබෙන්නෙ වෛද්‍යවරයාගෙ චරිතෙ. ඒ නිසා අලුතින්ම ආපු ඉල්ලීමක් බාරගන්න ඔහු අදිමදිකරලා තියෙනවා.
‘මොකද්ද මචං මේකෙ තේරුම? හැමදාම මට කතා කරන්නෙ ඩොක්ටර්ගෙ චරිතෙ කරන්න. බැරිද පොඩි වෙනස් චරිතයක් දෙන්න. අඩුම ගානෙ ලෙඩෙක්ගෙ චරිතයක්වත් තියෙනවද බලන්නකො,’ ඔහු අධ්‍යක්ෂකට කියලා.