රුවුල් බාරෙ ඔප්පු කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-13-ent-78පහුගිය කාලෙ පැතිරැණ උණ වර්ග නිසා මිනිස්සු හිටියෙ හරිම බයෙන්.

සමහර අයට හැදිලා තිබුණෙ ඩෙංගු උණ. තවත් සමහරැන්ට හැදුණෙ වෛරස් උණක්.

වෛරස් උණ වුණත් දවස් හත අටක් යනකන් හොඳවෙන එකක් නෙවෙයි.

ප්‍රවීණ කලා ශිල්පියෙකුගෙ බිරියටත් පසුගිය සතියෙ ඒ උණ හැදිලා සෑහෙන්න අමාරැ වුණා. මුල් දවස්වල දොස්තරවරැ ඩෙංගු කියලා සැක කළත් පස්සෙ ඒක වෛරස් උණ බවට තහවුරැ වුණා.

ඒත් මේ කලා ශිල්පියා බිරියට ගොඩාක් ආදරේ නිසා ඇයට හොඳටම හොඳ වෙනකන් ඔහුගේ රුවුල නොකපා ඉන්න බාරයක් වෙලා.

දවස් 10ක්ම රුවුල නොකපා හිටිය නිසා ඔහු රඟපාන ටෙලිනාට්‍ය දෙකක වැඩත් අවුල් වෙලා.

දැන් නෝනට අවුලක් නැති නිසා ඔහු රුවුලත් කපාගෙන දැන් අවුලක් නැතුව වැඩ කරගෙන යනවලු.

 

DESHAYA