රහස් හමුවක්!
හිටපු ලොකුතැනත් එක්ක කලක් එකගෙයි කාල... හිටපු ගමන් යහපාලන මාවතට සම්බන්ධවුණ කුරැණෑගල දිසාවෙ දේශපාලුතුමෙක් පසුගියදා රහසිගතවම හිටපු ලොකු තැන මුණ ගැහුණ කියලා කතාවක් යනවා.
ගිය ආණ්ඩුව කාලෙ කැබිනට් පට්ටමක් දැරෑ උන්නැහේගෙ ප්රමාදය නිසා දැන් උප සයිස් මට්ටමේ ඇමැති කෙනෙක්...
කලක් බොහොම ජයට හිටපු ලොකු තැන වෙනුවෙන් කතා කළ මෙයා දැන් ආයෙමත් අඩව්වකට සැරසෙනවද කියලා තතු දත් අය අහනවා.
ඒකනායක තුමෙක් එක්ක වැඩ කරන එක නායකවරැ ගණනාවක් එක්ක වැඩ කරනවට වඩා අමාරැයි කියලත් මුන්නැහේ හිටපු ගමන් කියනවලු.
තමන්ගෙ ළඟම ඉන්න දේශපාලන සගයො දෙන්නෙක් මෙයා හදිසියෙ පරණ ලොකු තැන හමුවුණේ ඇයි කියලා ඇහුවම එයා කීවෙ උන්නැහේ පරණ ලොකු තැන විතරක් නෙවේ අපේ දිස්ත්රික් දේශපාලන නායකයෙක්නෙ කියලලු..