රහස් හමුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-08-04-ent-02රටේ ලොකු මහත්තයා කාටවත් නොකියා බොහොම රහසිගතව කොළඹ 7 කියන ප්‍රධාන පෙළේ පන්සලකට ගියේ නායක හාමුදුරැවො බැහැ දකින්නලු.

මේ නායක හාමුදුරැවො දශක ගණනක් දේශපාලනේ ඉන්න ඒත් මේ ආණ්ඩුවට පළුයන්න බණින හාමුදුරැ නමක්. හැමදාම රට, ජාතිය, ආගම ගැන කතා කරන උන්වහන්සේ සමඟ ලොකු මහත්තයා කරපු සාකච්ඡාවේදී රටේ සිද්ධ වෙන්න යන දේවලුත්, සිද්ධ වුණ දේවලුත් ගැන බරපතළ ප්‍රකාශ ගණනාවක් කළ බව ආරංචියි.

ඉතාම තීරණාත්මක කාරණා ගණනාවක් ගැන නායක හාමුදුරැවෝ විශේෂයෙන්ම රණවිරැ ප්‍රශ්න ගැන ව්‍යවස්ථාව ගැන හුඟාක් ප්‍රශ්න මතුකළ බව ආරංචියි. 
පුරා පැය එකහමාරක පමණ වැඩි කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ උන්වහන්සේ ලොකු මහත්තයට මෙහෙම අවවාදෙකුත් දුන්නලු. “කෙතේ කමතෙ කුඹුරෙ ජීවිතය ගැන දන්න ඔබතුමා රටට නරක දෙයක් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් අපිටත් විරැද්ධ වෙන්නයි සිද්ධ වෙන්නෙ" බොහෝම ගැඹුරැ හඬින් උන්වහන්සේ වදාළලු.

නැහැ අපේ හාමුදුරැවනේ, මම එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නැහැයි කිව්ව ලොකු මහත්තයා ධර්මායතනෙන් එළියට බැස්සා.

 

DESHAYA