රත්තරන් ජෝති
අපි පහුගිය සති කීපය තුළ කතා කරපු මාතෘකාව තමයි අද අපේ කලා ක්ෂේත්‍රයේ ශිල්පීන් තුළ බොහෝවිට දකින්නට නොලැබෙන වෘත්තිමයභාවය හා ඔවුන් තුළ නොදකින කැපවීම.
වෘත්තීය ගරැත්වය රුකගන්නේ නැතුව තමන් නියැලෙන වෘත්තිය හරහා සාර්ථකත්වයක් ලබාගත නොහැකි බව මේ අය තේරැම්ගන්නෙ නැහැ. තේරැම්ගන්නට අවශ්‍යතාවයකුත් නැහැ.
පහුගිය දවසක අපට මුණගැහුණා අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ මුල්ම කැසට්පටය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා. ඔහු දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.
අතීත මතක සටහන් අවදිකරමින් ඔහු පුනපුනා කීවේ ජෝතිගේ තිබුණු මහත්මා ගති ගැන වගේම ඕනෑම නිර්මාණයක් ඉතාම ඉහළ මට්ටමකින් කරන්න ඔහුට තිබුණු වුවමනාව ගැනයි.
‘කැසට්පටයට සින්දු කියන්න ඉස්සෙල්ලා ජෝතිට වුවමනා වුණා මෝදර කොවිලට යන්න. මාත් එක්කයි ඔහු ගියේ. එහිදී ඔහු කරපු සියලු පූජාවන් දිහා මම බලන් හිටියා. එන ගමන් ජෝති කිව්වෙ ‘මචං මේවා අපිට ලැබිලා තියෙන්නේ දේව ආශිර්වාදය නිසා. එනිසා අපි වැඩක් කරන්න කලින් දෙවියන්ගෙ ආශිර්වාදය ලබාගන්න ඕනෙ කියලා.’