රට ගමන්වලට ලස්ස ගණන්
අවුරැදු කාලෙ කොළඹ පැත්තෙ එක්තරා තැනකට සෙට්වුණ මැති ඇමැති කස්ටියක් සුහද කතාබහක යෙදෙන ගමන් ආණ්ඩුවෙ ගමන් මග ගැන මත පළ කළා. ඇත්තටම උන්නැහේලා මෙතෙන්දි කතාවෙන් කළේ අමාරැවෙන් පිහිටුවාගත්ත යහපාලන ආණ්ඩුව වළට අදින සමහර නිලධාරි ගැනයි. මෙහිදී වැඩිපුරම විවේචනය කෙරැණේ ප්‍රධාන පෙළේ පට්ටම් දරන නිලධාරි දෙතුන් දෙනෙක්ලු....
"දැන් බලන්න මේ රටේ නීතියෙ හැටියට ඇමැති කෙනකුට වුණත් අවුරැද්දකට රට ගමන්වලට වෙන්කරල තියෙන්නෙ රැපියල් ලස්ස 25යි. ඒ වුණාට අර අහවල් තැන අධිපති මාසෙකට රට ගමන්වලට රැපියල් ලස්ස විස්සකට වැඩිය වියදං කරනවලු... ඇමැති කෙනෙක් නෝක්කඩු කිව්ව... එච්චර විතරද මිනිහ තමන්ගෙ වැඩවලට උඩින් ගියාමත් බිල් ගෙවන්නෙ ආණ්ඩුවෙන්ලු... අරව විකුණලත් ආණ්ඩුව අමාරැවෙ දැම්ම. එයා මෙහෙම ගියොත් ආණ්ඩුවත් කපෝතියි. තව මන්ත්‍රී සයිස් කෙනෙක් මතක් කළා....
ඕකට කරන්න ඕන හොඳම වැඩේ කවුන්සිලේ රුස්වුණාම අහවල් සභාවට ඔය හාදයව කැඳවල ප්‍රශ්න කරන එකයි සීනියර් ඇමැති කෙනෙක් උපදෙස් දුන්නා....
ඒක හොඳයි කියල අනිත් අයත් පිළිගත්තා.