යකාගෙ වෙජිටේරියන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-01-ent-02අපේ කලා ක්ෂේත්‍රයේ නිර්මාංශ ආහාරපාන ගන්න ශිල්පීන් ශිල්පිනියන් ඉන්න බව කවුරැත් දන්නවනෙ. ඒ අය සම්බන්ධවෙන නිර්මාණවල නිෂ්පාදන අංශ භාරව ඉන්න කට්ටිය ඒ අනුව කෑමබීම ලෑස්ති කරන්න කටයුතු කරනවා.

ඒ වුණාට ළඟදි පවත්වපු ටෙලිනාට්‍ය PACK UP PARTY එකක අපූරැ වෙජිටේරියන් කෙනෙක් හම්බවෙලා තියෙනවා. දෙකක් දැම්මට පස්සෙ සමහර අයට උන් හිටි තැනත් අමතක වෙනවානෙ. ඔන්න ඒ වගේ කෙනෙක් එදා පාටියේදී කරපු සීන් එකක් තමයි මේ.

""මචං අර මස් පීරිසිය මේ පැත්තට දෙනවද?"

"මස්? උඹ මස් මාළු කන්නෙ නෑනෙ?"

"ඔව් බං මස්  මාළු කන්නෙ නෑ..."

"එහෙනං මස් පීරිසිය ඉල්ලුවෙ?"

"මස් කන්න නෙවෙයි මචං, හොදි ටිකක් දාගන්න.."

"මේ යකාගෙ වෙජිටේරියන් කෙනෙක්නෙ. මස් කන්නෙ නෑ, මස් හොදි කනවා..."

"ඇයි ඉතිං උඹ අහල නැද්ද ඉස්සො දැල්ලො විතරක් කන වෙජිටේරියන්ලා. සමහරැ ඉස්සො කන්නෙ නෑ, ඉස්සො වඩේ කනවා .."

 

DESHAYA