මෝටර් සයිකල් එක්සයිස්
කලා ක්ෂේත්රයක් නියෝජනය කරමින් කාලයක් තිස්සෙ වැඩ කරන ශිල්පියෙකුට තියෙන්නෙ පරණ මෝටර් සයිකලයක්.
ඒත් තාම හොඳට වැඩ. ඒ වගේම ඔහුට මේක වාසනාවන්ත වාහනයක්ලු. ඒ නිසා අලුත් එකකට යන්නත් අදමදි කරනවා.
හැබැයි මිනිහට තියෙන නරක පුරැද්ද තමයි කොච්චර සල්ලි තිබ්බත් රැපියල් 100ට, 150කට පෙට්රල් ගහගන්න එක.
ඒ නිසා බොහොමයක් දවස්වල ඔහු මෝටර් සයිකලේ තල්ලු කරගෙන පෙට්රල් ෂෙඩ් එකට යන එක සුලබ දසුනක් වෙලා.
ඒ වගේ හතිදාගෙන බයිසිකලේ තල්ලු කරගෙන යන වෙලාවක හිතවතෙක් හම්බවුණාම ඔහු කියන්නෙ... "ඔව් මල්ලි මේක මම එක්සයිස් එකක් හැටියට කරන්නෙ, නැත්තම් ඉතින් අපේ ජොබ්වල හැටියට ජිම් යන්න වෙලාවකුත් නැහැනෙ." කියලයි.