මෙහෙම වැඩ හොඳද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-01-ent-192පැරුණි ගායක ගායිකාවන්ගෙ සින්දු අමු අමුවෙම කොපි කරගෙන ඒවා තමන්ගෙ කරගෙන රජවෙන්න හදන ශිල්පීන් මේ රටේ කොයි තරම් ඉන්නවද? ඒ සදාචාර විරෝධී වැඩ නවත්තන්න කාටත් බැරිවෙලා තියෙනවා. ඒ මදිවට ඒවට උල්පන්දම් දෙන සමහර මාධ්‍ය ආයතනත් තියෙනවනෙ.

මෑතකදි පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර නව පරපුරේ ගායිකාවක් කිව්වෙම අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියකගේ ගීත. ඒවා නැවත නැවත වැඩදාලා පෙන්නන්න - පැමිණි අයත් කිව්වා.

ඒත් ඒ කිසිම තැනක අර ගීතවල මුල් ගායිකාවගේ නම සඳහන් කරන්න තරම් ඒගොල්ලො මානුෂීය වුණේ නැහැ.

ඥාතිකම් මත පැරුණි ගායිකාවන්ගෙ සින්දු තමන්ගෙ කරගෙන කිව්වට කමක් නැහැ, ඒත් මුල් ගායිකාවගේ නම සඳහන් කළ යුතුයි නේද?

 

DESHAYA