මෙයාගෙ ලිෆ්ට් නම් එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-30-ent-83වර්තමානයේ ටෙලි නිෂ්පාදකයින් වෙත අදාළ රූපවාහිනි නාලිකා විසින් ගෙවනු ලබන අඩු මුදල නිසා ගුණාත්මක නිර්මාණ බිහිකිරීම අපහසු කාරණයක් බව නිර්මාණකරැවන් මැසිවිලි නඟනවා.

මේ හේතුව නිසාම නළු නිළියන්ට හා කාර්මික ශිල්පීන්ට ගෙවෙන මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එක් කොටසක් පවසනවා. ඒත් ටෙලිනාට්‍ය දෙක තුනක රඟපාන ඇතැම් අය නම් හතරවෙනි ටෙලිනාට්‍යවල ෂූටිංවලට එන්නෙ අලුත්ම වාහනවල. ඒවා ඉතින් ඒ අයගේ දක්ෂතා හා ලැබීම් මත සිදුවෙනවා කියලයි කියන්නෙ.

අවුරැදු 15ක විතර ක්ෂේත්‍රයේ රැඳී සිටි එක්තරා කාර්මික ශිල්පියෙක් මෑතකදී පරණ කාර් එකක් ගත්තලු.

ෂූටිං එන්නෙත් කාරෙකේ, යන්නෙත් කාරෙකේ. ඔහු යන මාර්ගයේ කාට හරි “ලිෆ්ට්” එකක් දෙන්න ඔහුට තියෙන්නෙ ලොකු උනන්දුවක්ලු. ඒත් කාලයක් යද්දී මෙයාගෙ කාර් එකේ යන්න කවුරුත් පස්ස ගහනවලු.

ඇත්ත කතාව ආරංචිවෙලා තියෙන්නෙ කාලෙකට පස්සෙ. කාරෙක ගත්තු දවස්වල ඉඳලම එන්ජීමේ අවුලක් වගේම බැටරියේ අවුලක් තිබුණලු. බැටරිය මාරු කළත් වැඩේ හරි ගිහින් නැහැ.

ඉතිං මෙයා “ලිෆ්ට්” එක දෙන කෙනාට අඩුම ගාණෙ තුන් හතර පොලක බැහැලා වාහනේ තල්ලු කරන්න වෙනවලු.

 

DESHAYA