මෙගා කියන්නෙ බඩවැල් නාට්‍යටද?
මේකත් අලුතින් රඟපාන්න මෙගා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණු තරුණයෙක් ගැන කතාවක්. රඟපාන්න ඇවිත් තුන්වැනි දවසෙ තමයිලු මෙයා මේ නාට්‍යයේ නම දැනගෙන තියෙන්නෙ.
කොල්ලා ඉක්මනින් වැඩේ අල්ලගත්තා, ඒත් ඉතින් ටියුබ්ලයිට්.ඔන්න සති දෙකක් විතර ගියාට පස්සෙ මේ කොල්ලා ඒකෙ රඟපාන ප්‍රවීණ නිළියකගෙන් ඇහුවලු එයා රඟපාන මේ මෙගා ටෙලිනාට්‍ය ඩේලි යන එකක්ද, සෙනසුරාදා/ ඉරිදා යන එකක්ද කියලා. ප්‍රවීණ නිළියත් මුලදී අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉඳලා පස්සෙ කිව්වලු ඔව් ඔව් බං මෙගා නාට්‍ය කියන්නෙ ඔය හැමදාම යන බඩවැල් නාට්‍ය තමයි, කියලා.