මූදු වෙරළෙ PRE – SHOOT කැමතිද?
ආදරය විවාහයෙන් කෙළවර වෙනවා දකින්න කවුරැත් කැමතියිනෙ. එත් එහෙම වාසනාවක් හිමිවෙන්නෙ නෑනෙ හැමෝටම. කොහොම වුණත් කවුරැත් ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගන්නෙ විවාහයෙන් කෙළවර වීමේ බලාපොරොත්තුවෙන් තමයි. ආදරය විවාහයකින් කෙළවර විය යුතු දෙයක් නෙවෙයි කියලත් සමහරැ විශ්වාස කරනවා.
මේ කතාවත් ආදරය, විවාහය හා තරැණ ගෑනු ළමයෙක් ගැනයි කියවෙන්නෙ. මේ ළමයා දැන් නම් කලාවට සම්බන්ධවෙලා විවාහවෙලා ඉන්නෙ. ඒත් යෞවන වයසෙ ඉඳන්ම මෙයාට ලොකු හීනයක් තිබිලා තියෙනවා කවදහරි විවාහ වෙනවනම් ලස්සන මූදු වෙරළක PRE – SHOOT එක කරන්න. ඉතිං ඒ කාලෙ ඉඳන්ම මෙයා එක්ක කවුරැහරි කොල්ලෙක් යාළු වෙන්න ට්‍රයි කළාම මේ කෙල්ල අහන පළවැනි ප්‍රශ්නෙ තමයි ඔයා මූදු වෙරළෙ PRE – SHOOT එක කරන්න කැමතිද? කියලා. කොල්ලො හොල්මන් වෙනවලු.
ඒත් ඉතිං මේ කෙල්ලට දොස් කියන්නත් බැහැ. ආදරයක් කඳුළුවලින් අවසන් වෙනවා දකින්න අකමැති නිසා එයා මුලින්ම ඒ වගේ අහන්න ඇත්තෙ.
ඒත් ටිකක් දැනුම් තේරැම් තියෙන කාලෙ වෙනකොට මෙයාට ඒ ආසාව නැතිවෙලා ගියාලු. එයා විවාහ වුණාට PRE – SHOOT එකක් කළෙත් නැහැලු.