මුද්දක් ගිය දුරක්
පසුගිය දවසක කලා ලොවේ උත්සවයක් පැවැත්වුණා කොළඹ ප්‍රසිද්ධ ශාලාවක.
හිටිගමන් මුල් පේලි දෙක තුනේ ඉන්න කට්ටිය ෆෝන්වල ටෝච් එක පත්තු කරගෙන සීට් යට මොනවදෝ හොයනවා. ඒ අතර වේදිකාවේ නැටුම්, ගැයුම්වලට ශාලාවෙම අවධානය යොමු වෙලා.
ඔන්න තව ටිකකින් ආයෙත් සීට් යට මොනවදෝ හොයනවලු.
“මොනවද හොයන්නේ? කාසියක්ද?” කවුදෝ කොඳුරනවා.
“නෑ.. නෑ.. අරයගෙ මුද්ද.”
“අම්මේ.. එහෙනම් දැන්ම බලන්න වෙයි.”
“ඒ වුණාට අරයට මතක නැහැල්ලු ගෙදරින් එනකොට මුද්ද දාගෙන ආවද නැද්ද කියලා..”
ඒත් එක්කම අරයගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මුදු හෙවිල්ල ඒකෙන්ම නතර වුණාලු.
කතා කරලා තියෙන්නේ අරයගේ නෝනා. මුද්ද ගෙදර තිබුණලු.