මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?
ලයිට් මණ්ඩලේ ආයෙමත් හරි හරි වැඩ වෙන්න පටන් අරන්ලු. පසුගිය දවස්වල පෑවිල්ලයි රස්නෙයි මැද රටපුරාම වාර ගණනාවක් ලයිට් යෑම නිසා ප්‍රශ්න ගොඩක් ආව...
හැබැයි මේකට මණ්ඩලේ ඉහළ මට්ටමේ පුටුවලට බරවෙලා ඉන්න දෙතුන් දෙනෙක් දෙන එකම විසඳුම පෞද්ගලික අංසෙන් ලොකු මුදලකට ලයිට් සල්ලිවලට ගන්න කියන එකලු.... ඉංජිනේරැ කස්ටියගෙන් හුඟ දෙනෙක් ඒකට කැමැතිත් නැහැ කියලයි ආරංචි....
ඒ අස්සෙ නොරොච්චෝලේ සිද්ධවෙන බිඳ වැටීමුත් කෙළවරක් නැතිලු... ඒවට වග කියන්න කෙනෙක් නැතිවීමත් ප්‍රශ්නයක්ලු....
කොහොම හරි මේ සියල්ලට විසඳුම පිටින් ලයිට් ගැනීමය කියන කණ්ඩායමට ප්‍රබල චරිත තුන හතරක් සම්බන්ධ බවට මණ්ඩලේ ඇතුළෙ අයම කියනව. ආණ්ඩුවෙ ලයිට් මිල ගණන් නියම කරන කොමිසම බරබරේ දාද්දිත් මේ තුන් හතර දෙනා පිටින් ලයිට් සල්ලිවලට ගන්න වැඩපිළිවෙළ කොළා කියල තතු දත් අය කියනවා...
ලයිට් අමාත්‍යංසෙ ලොකුම පුටුවකට බරක් වෙච්ච නිලධාරි මට්ටමේ පොරකුත්, මුදල් අමාත්‍යංසෙ ඉන්න උපදේශක සයිස් කෙනකුත්, ලයිට් මණ්ඩලේ ඉන්න ගෙදර යවන්න ඕන ලොකුම පොරකුත් මේ පිටින් ලයිට් ගැනිල්ල පිටිපස්සෙ ඉන්නවලු....
මේ භටයො තුන්දෙනා ව්‍යාපාරික ප්‍රජාවෙ ලයිට් විකුණන අයගෙන් ලයිට් ගන්නෙ මොකටද කියල දැන්වත් ආණ්ඩුවෙ ලොක්කො බලන්නෙ නැත්නම් ආයෙම මණ්ඩලේ බංකොලොත් වේවි කියල තතු දත් අය කියනව.