මිනී මරන්න අවශ්‍ය නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-132පත්තරවල වැඩ කරන කට්ටිය දන්නවනෙ පිටු සැලසුම් කරන ශිල්පීන් ශිල්පිනියන්ගෙ අතින් සිද්ධ වෙන භාරදූර කාර්ය භාරය මොන දේ ලිව්වත්, ඒවා ලස්සනට පාඨකයාට ඉදිරිපත් කළේ නැත්තම් ඒකෙන් වැඩක් වෙන්නෙ නැහැනෙ. ඉතිං මේ පිටු සැලසුම් කරන ශිල්පීන් නිර්මාණාත්මකව පිටු සකසන්න විශාල මහන්සියක් වෙනවා.

එක්තරා පත්තරේක අවංගල්‍ය දැන්වීම් හා සිහිකිරීම් භාරව පිටු සැලසුම් ශිල්පිනියක් ඉන්නවලු. උදෙන්ම ආපු ගමන් අවමංගල්‍ය දැන්වීම් භාරව ඉන්න කෙනාට කතා කරලා කියනවලු පුළුවන් තරම් දැන්වීම් ගෙනාවෙ නැත්නම් පිටුව ලස්සනට හදන්න බැහැ කියලා.

සමහර දවස්වලට කියනවලු "අනේ අයියේ තව දෙකක් හොයලා ගේන්නකො, එතකොට පිටුව ලස්සනට බැලන්ස් වෙනවා" කියලා.

"අනේ නංගි මට ගිහින් මිනිස්සු මරලා අවමංගල්‍ය දැන්වීම් ගේන්නද කියන්නේ* අර දැන්වීම් ගේන නිලධාරියා කියනවලු.

"එහෙම නෙවෙයි පොඩ්ඩක් මහන්සිවෙලා හෙව්වොත් බැරිවෙන එකක් නැහැ. මිනී මරන්න කිව්වෙ නැහැ. ඔය ඉස්පිරිතාලවල දැඩි සත්කාර ඒකක පැත්තෙ රවුමක් ගහලා බැලුවොත් මොනවහරි එකක් ලැබෙයි* කියලා ඒ ශිල්පිනිය කිව්වලු.

 

DESHAYA