මැයි දින නින්ද
තමන් නියෝජනය කරන පක්ෂයෙ ඉහළම පට්ටමක් දරන මහත දෙහෙත ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව..... උන්නැහෙත් තමන්ගෙ පක්ෂයෙ මැයි දින වේදිකාවෙ පක්ෂයෙ ලොකු මහත්තය ළඟමයි වාඩිවෙලා හිටියෙත්. ඉතින් පක්ෂය වෙනුවෙන් මැයි දිනේදි සම්මත කරන යෝජනා මාලාව විවිධ මැති ඇමැතිවරැන් විසින් ඉදිරිපත් කළා කියමුකො.
ඊළඟට මුලසුනෙන් කිව්ව දැන් යෝජනා ඉදිරිපත් වෙලා තියනව හැමෝම අත උස්සල ඒක අනුමත කරන්න කියල. ඒ ගමන වේදිකාව අසල හිටපු උද්යෝගිමත් පාක්ෂිකයොත් වේදිකාවෙ හිටපු පක්ෂ ලොකු මහත්තය ඇතුළු හැමෝමත් අත් ඉස්සුව....
හැබැයි අපි කියපු ජ්‍යෙෂ්ඨය නම් අත ඉස්සුවෙ නැහැ. අනිත් හැමෝම අත් උස්සල යෝජනාව අනුමත කළත් උන්නැහේ අත උස්සන්නෙ නැති නිසා මොකද්ද මුන්නැහේට වෙලා තියෙන්නෙ කියල ළඟ හිටපු කෙනෙක් එබිල බැලුව... එතකොටයි දැක්කෙ මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා සුව නින්දේ සිහින බලනව කියල. කොහොම වුණත් උන්නැහේගෙ ඡන්දෙ නැතුවම යෝජනා සම්මත වුණා.... ඒ සතුටට රුස්ව සිටි ජනතාව ජයවේවා කියල කෑගහන්න පටන් ගත්ත. ඔන්න මෙතෙක් වෙලා නිදාගෙන හිටපු ඇමැතිතුමාගෙ නින්ද කැඩුන.... උන්නැහේ එකපාරටම ජයවේවා කියාගෙන නැගිට්ට.... හැබැයි ජයවේවා කිව්වෙ මොකටද කියල උන්නැහේවත් දන්නෙ නැහැ.