මාළු ටිකක් ගේන්න එපායැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-13-ent-11කවදත් බස්වල ගමන් කරන, බස් ගැන රස බස් කියන, ප්‍රවීණ කලාකරැවා පහුගිය දවසක ඔහු වැඩකරන ටෙලි නාට්‍යයක නළු නිළි කණ්ඩායමක් එක්ක තවත් අපූරැ කතාවක් කිව්වලු.

ඔහු ඇවිත් තියෙන්නෙ AC බස් එකක. ලොකු බෑග් එකක් එක්ක ජෝඩුවක් බස් එකට නැග්ගලු. බෑග් එක රියදුරැ මහතා ළඟ තබා ඔවුන් පස්සට ගොස් වාඩි වුණාලු. ටික වෙලාවකින් රියැදුරැ මහතා කොන්දොස්තරට කතා කරනවලු.

“මල්ලි අහන්න මේ බෑග් එකේ මාළු තියෙනවද කියලා. මාළු ගඳත් එනවා. මාළු නම් මේ අයව බස්සන්න සල්ලි දීලා."

“නෑ නෑ ඒකේ මාළු නැහැ. තියෙන්නෙ ගෝවා..." පසුපසු ආසනයේ සිටි අර මගියා කිව්වලු. බස් එකේ හිටිය කාටත් හිනාලු. ඔන්න ඒ සිද්ධියෙන් පස්සෙ බස් එකට නඟින හැමෝගෙන්ම කොන්දොස්තර අහනවලු මලුවල මාළු තියෙනවද කියලා.

“නැහැයි" කිව්වම 

කොන්දොස්තර කියනවලු “ඇයි ඒ? මාළු ටිකක් ගේන්න එපායැ" කියලා.

 

DESHAYA