මාලය පේන්න කමිසය අඳින ගොන්පාට්ලා
සමහරැ උත්සවවලට සහභාගි වෙනකොට ඒ සඳහා අදාළ, එතනට සුදුසු ඇඳුම් ඇඳගෙන එනවනෙ. ටයි කෝට් නොඇන්දට අඩුම ගාණෙ කමිසෙ බොත්තම් ටිකවත් දාගෙන එනවනෙ.
ඒත් කලා ලෝකෙ සමහර උත්සවලදී අපි දැකලා තියෙනවා කමිසෙ බොත්තම් 4ක් 5ක් ඇරගෙන එන කට්ටිය. ඒකට හේතුව තමයි ඒ ගොල්ලෝ පැළඳගෙන ඉන්න දිග රත්තරන් මාලෙ. ඇත්තටම බොත්තම් දාගෙන ආවොත් ඇඳගෙන ඉන්න මාලෙ පේන එකක්යැ.
ඔන්න ඔය වගේ දේවල් ගැන ළඟදි කලාකරැවෝ දෙන්නෙක් කතා කර කර හිටියලු.
එක්කෙනෙක් කියනවා මාලෙ පේන්න බොත්තම් ඇරගෙන ඉන්න එක සාධාරණයි කියලා.
එතකොට අනිත් කෙනා අහනවා ඉස්සරහ ඇන්දෙ රත්තරන් දතක් දාපු මිනිහෙක් හිනාවෙවීම ඉන්න ඕන කියලද, දත් පෙන්නන්න.
දැන් හිතමුකො රත්තරන් දතක් දාපු මනුස්සයා මළගේකට ගියා කියලා. එතකොටත් දත පේන්න හිනාවෙවී ඉන්න ඕනෙද?