මළාට පස්සෙ අඬලා වැඩක් නෑ
පසුගිය ටිකේම කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ මරණ ගැන තමයි අපට වැඩියෙන්ම ආරංචි වුණේ. ඒ අතර ජනප්‍රිය, දක්ෂ, ප්‍රවීණ අයත් හිටියා. මරණය කාටත් පොදු ධර්මතාවක් වුණාට අපේ සමීපතයින්ගෙන් වෙන්වීම දරාගන්නට බැරි දුකක්.
ඊයෙ පෙරේදා පැවැති අවමඟුල් උත්සවයකට සහභාගි වුණු දෙතුන් දෙනෙක් අපූරැ කතාවක් කිව්වා. සමහර කලා ශිල්පීන් මළගෙවල්වලට එන්නෙ ලකුණු දාගන්නලු. තවත් බොහෝ අය එන්නෙ ප්‍රසිද්ධිය සඳහාලු. මිනිස්සු ගොඩ දෙනෙක් එන්නෙ නළු නිළියො බලාගන්නලු.
"අපේ මිනිස්සු මූණු පොතට ඇබ්බැහි වෙලා ඉන්න තරම දැක්කම මම නම් පුදුම වෙන්නෙ නෑ, කවුරැ හරි කෙනෙක් මිනියත් එක්ක සෙල්ෆි එකක් අරගෙන FB එකට දාලා තියෙනවා දැක්කොත්" එක් අයෙක් කිව්වලු.
"ඕක නෙවෙයි වැඩේ. සමහර අය මළගෙවල්වල ඡායාරෑප ශිල්පියෙකු දැක්කොත් කොහොම හරි දේහය අසලට ගිහිං පින්තූරයක් ගන්න කියනවලු. ඊට පස්සෙ ඒ් පත්තරේ දාගන්නත් මාර ට්‍රයි එකක් දෙනවලු." අනෙකා කියනවා.
ඔය කතා ඇහෙද්දී මෑතකදී අපේ තරැණ නිළියක් කියපු කතාවක් මතක් වුණා.
"මම නම් මළගෙවල්වලට යන්නෙම නැති තරම්. ජීවත්වෙලා ඉන්න කාලෙ ඒ අය ගැන හොයන්නෙ බලන්නෙ නැතුව, මැරැණම විතරක් යන එකේ තේරැමක් තියෙනවද? ජීවත්වෙලා ඉන්න කාලෙ අපි හැමෝම සාමයෙන්, සතුටින් සමගියෙන් ඉන්න එක තමයි වටින්නෙ. මළාට පස්සෙ අඬලා වැඩක් නෑ" ඇය කිව්වෙ හැඟීම්බරව.