මළ කෝලං
කලාවට සම්බන්ධ අංග රචනා අංශයට නෑකම් කියන එක්තරා ශිල්පියකුගෙ නිතරම කටේ තියෙන වචනයක් තමයි "මළ කෝලං"
මේ ගැන හැමෝම දන්න නිසා ලොකු ගැටලුවක් නැහැ. දර්ශන තලවල ඉන්න අයත් මේ ශිල්පියාගේ කතා අහලා හොඳට විනෝද වෙනවා.
මෙයාගෙ මළකෝලං කතාව ඉතාම සියුම් විදියට නිරීක්ෂණය කරපු පිටපත් රචකයෙක් ළඟදි අපූරැ කතාවක් කියලා තියෙනවා.
"අපේ "මළකෝලං" අයියා වැඩ කරන සෙට් එකකට කවදාවත් ගේන්න බැරි නළුවෙක් ඉන්නවා. එයත් එක්ක වැඩ කරන්න මළකෝලං සෙට් වුණානම් ඉතිං වැඩක් වෙන්නෙ නෑ... මෙයා මළකෝලං කියයි, ඒ නළුවා දුවගෙන එයි. "මට කතා කළාද කියලා අහගෙන?"
"කවුද බං ඒ නළුවා?"
"ඇයි සෝමසිරි අලකෝලංග අයියා. මෙයා මළකෝලං කියන හැම පාරම එයා හිතයි එයාට කතා කරනවා කියලා."