මහත්තුරුන්ගේ බලු කතා
අපේ කලා ලොවේ කට්ටිය සෙට්වෙන්න ගියාම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සීන් කෝටියයි. ඒත් පහුවදා වෙද්දී ඒ සීන් සේරම අමතකයි.ඔන්න ඔය වගේ කලා ලොවේ කට්ටියක් හවසක සෙට්වෙලා දන්නෙම නැතිව රෑ වුණාලු. රෑ වුණා විතරක් නෙවෙයි කතාබහේ සැරට එළිවෙන්නත් ළං වුණාලු.
කට්ටියම දැන් හොඳ පදමට පදම්වෙලා. ඒ අතර හිටිය කෙනෙකුට උදේ 8 වෙද්දී කොළඹ වැදගත් වැඩක් තිබුණලු. එයා දැන් කට්ටියට සමුදීලා ගෙදර යන්න පිටත් වුණාලු. වෙලාව පාන්දර 5ටත් කිට්ටුයි.අනේ අනේ උඹ යන්නෙ රාජගිරිය පැත්තෙන්නම් මාවත් ගෙදර දාගෙන පලයන්, හොඳටම කට්වුණු යාළුවෙක් ඔහුගෙන් බැගෑපත් වුණාලු.හා හා ඉක්මණට වරෙන් කියලා යාළුවාවත් කාර් එකට නග්ගගෙන රාජගිරිය හන්දිය පැත්තට ආවලු.කොහෙද උඹේ ගේ තියෙන්නෙ. මම ගෙදරටම දාන්නම්..
නෑ නෑ මාව ඔතන හන්දියේ දාපන්, අපේ ගේ පේන දුර, මම යන්නම්. ඔන්න ඔහොම කියලා යාළුවා රාජගිරිය හන්දියෙ බැහැගත්තලු.කාර් එකේ ගිය යාළුවා ගෙදර ගිහින් ඇඳ පැළඳගෙන කොළඹට එනවලු උදේ අර වැඩේට.
මිනිහා දැක්කලු අර රාජගිරියෙ බස්සපු පොර පාරෙ එහාට මෙහාට ඇවිදිනවා. කාර් එකෙන් බැහැලා මිනිහා ගිහින් ඇහුවලු තාම ගෙදර ගියෙ නැද්ද කියලා.ගෙදර? ගෙදර? ඊයෙ පාටියකට සෙට්වෙලා පාන්දර බල්ලෙක් ගෙනල්ලා මාව හන්දියෙ දාලා ගියා බං, මට තාම අපේ ගෙදර හොයාගන්න බැරුව එහෙ මෙහෙ ඇවිදින්නෙ.