මල් කැඩීම තහනම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-08-28-ent-18කොළඹ මහජන පුස්තකාලය ළඟ තිබෙන බස් නැවතුම්පොළ පැත්තෙ අවධානෙන් යන අය ඒ අවට මල් පාත්තිවල "මල් කැඩීම තහනම්" කියලා බෝඩ් ගහලා තියෙනවා දැකලා ඇති. ඒත් ඒ බොහෝ පාත්තිවල කඩන්න තරම් මලක් නැති බව කවුරැත් දන්නවා.

ඔන්න පුස්තකාලෙ පැරුණි පොත් වගයක් හොයන්න ආපු තරැණ තිර රචිකාවියක් මේ බස් නැවතුම්පොළ ළඟ තිබෙන "මල් කැඩීම තහනම්" පුවරැව ළඟ බස් රථයක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට දුරකථන ඇමතුමක් ලැබෙනවලු ඇගේ පෙම්වතාගෙන්.

"ලයිබ්‍රරි වැඩේ ඉවරද?" ඔහු අහනවා.

ඇය වටපිට බලලා බස් නැවතුම්පොළට ටිකක් ඈතට ගොස් ඔහුට පිළිතුරැ දුන්නලු.

"මොකද එකපාරටම බයවෙලා වගේ කතා කරන්නෙ" ඔහු අහනවලු.

"කියන්න කියන්න දැන් හරි අනේ. කලින් මම හිටියෙ කතා කරන්න බැරි තැනක." ඇය කියනවා.

"ඇයි කතා කරන්න බැරි. කවුරැ හරි ළඟ පාතක හිටියද?"

"නෑ අනේ... එතන බෝඩ් ගහලා තියෙනවා "මල් කැඩීම තහනම්" කියලා ඒකයි මේ පැත්තට ආවෙ. ඉතිං කියන්න...."

 

DESHAYA