මම නොදැන කොහොමද ඒක කළේ?
පහුගිය කාලෙ තරමක් නිහඬව උන්න රටේ හිටපු බලවත් කාන්තා චරිතයක් ආයෙමත් සීන් එකට ඇවිල්ලා වැඩ පටන් අරන්ලු... මේ දවස්වල එයා උනන්දු වෙන්නෙ විදේස කස්ටිය කරන තානාපති පත්කිරීම් ගැන කියලත් ආරංචියි...
කාලයක් තිස්සෙ පුරප්පාඩුව තියන ප්රබල යුරෝපා රටක තානාපති පුටුව පුරවන්න පහුගියදා රජය කෙනෙක් තෝරාගත්ත... නිතර ඒ රටට එන මේ බලවත් නෝනා ඒ තෝරාගැනීම ගැන දැනගත්තෙ ටිකක් පහුවෙලා...
ඒක දැනගත්ත ගමන් විදේශ අංසෙ ලොක්කෙකුට කතා කරපු මේ බලවන්තිය මම දැනගන්නෙ නැතුව මේ වගේ රටවල්වලට පත්කිරීම් කරන්නෙ ඇයි කියල තදින් ප්රශ්න කළාලු. මේ යෝජනාව ඉහළින් ආ බව විදේශ අංසෙ කස්ටිය කිව්වත් තමන්ගෙ අනුදැනුමක් නැතුව යුරෝපයෙ බලවත් පුටුවලට කස්ටිය පත් කරන්නෙ නැහැ කියලා පොඩි සත්තමක් දැම්මය කියලත් ආරංචියි...
මේ ජරමරය නිසා දුර්මුඛ වුණු විදේශ අංසෙ ලොක්කො ඔන්න ඔය නම අනුමැතියට ඒ රටට යවන්නෙ නැතුව ඉඳිමු... අනේ අපි කී දෙනෙක් කියන ඒව අහන්නද? කියල යෝජනා වෙච්ච නම එහෙමම තියන්න කියල උපදෙස් නිකුත් කළාලු. මේ හේතු හින්ද ලෝකෙ බලවත්ම රටක සෑහෙන කාලයක් පුරප්පාඩුව තියන තනතුර තව කලක් හිස්ව තියේවි කියල විදේස කස්ටිය කියනවා.