මම දවල්ට කෑවද අයියේ?
එක්තරා නවක නිළියකට පහුගිය කාලෙ පුදුම ලෙඩක් හැදිලා තිබුණලු.
ඩයලොග් හොඳටම කටපාඩම් කරනවා, ඒත් ටේක් එකට යනකොට වචන අමතක වෙනවා. බොහොම අමාරැවෙන් වැඩේ ගොඩ දාගන්නවා.
අමතක වෙන ලෙඩේ කොච්චර දරැණු වුණාද කියලා කට්ටියට තේරැණේ ළඟදි පේරාදෙණිය පැත්තෙ රෑගත කිරීමක් අතරතුර.
කට්ටියට දවල් ආහාර ගන්න තිබුණෙ ළඟ තිබුණ රෙස්ට් හවුස් එකකින්.
ඔන්න ලන්ච් එකෙන් පස්සෙ ෂූට් එක පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ කෙල්ල රෙස්ට් හවුස් එක පැත්තට දුවනවලු.
"මොකෝ නංගි දුවන්නෙ. ඇයි ආයිත් බඩගිනි වුණාද?"
"අනේ මම දවල් කෑවද අයියේ...?"
හැබැයි කට්ටිය මෙයාව බයිට් එකට අරන්, ලෙඩේ දැන්නම් හොඳ වෙලාලු.