මන්දිරෙන් කැඳවීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-20-ent-04කොළඹ ගෙවල් තියෙන නැව් හමුදාවෙ හිටපු ලොකු මහත්තයෙකුට පසුගියදාක රටේ ඉහළම මන්දිරේකින් ඇමතුමක් ලැබුණලු. මේ ඇමතුමෙන් දැනුම් දුන්නේ හැකි ඉක්මනින් ඇවිත් ලොකු මහත්තයා හමුවෙන්න කියලලු...


ඔන්න ඒ පාර හිටපු නාවික අධිපති තමන්ගේ නෝනා මහත්තයත් එක්ක මන්දිරේට ගියා කියලා ආරංචියි...


මේ කැඳවීම කරලා තිබෙන්නෙ පහුගියදාක උන්නැහේලට ඇතිවෙච්ච නීති ප්‍රශ්නයක් ගැන කතා කරන්නලු.


මේ ප්‍රශ්නය නිසා හිටපු ආරක්ෂක ලේකම් තැනත් නැව් හමුදාවේ අධිපතිලා තුන් දෙනෙකුත් එකපාරටම නීතිය ඉස්සරහට ගෙනාවත් ඒ ගැන ඉහළම මන්දිරේ දැනුම්වත් නැහැ කියලා සාකච්ඡාවේදී කියැවුණු බව ආරංචියි.


මේ නිසා ඇතිවුණ තත්ත්වය ගැන අමුතු කතා ගොඩක් මේ සාකච්ඡාවේදී හෙළිදරව් වුණාලු... ඒ ගැන හිටපු ආරක්ෂක ලේකම් ගැන දැනුම්වත් කරන්න කියලත් කීවලු...


ඊළඟට නැවත මේ වගේ දේවල් වෙන එකක් නැත කියල අනාවැකියකුත් කීවලු... පස්සේ මේ අධිපතිට රාත්‍රී භෝජනේකුත් දුන්න බවයි දැනගන්න තියෙන්නෙ.

 

DESHAYA