මණ්ඩලේ කචල්
අලාබෙටම දුවන රාජ්‍ය සමාගමක් තියනව... මේ සමාගම කෙළින් කරල නගා හිටුවන්න යහපාලන ආණ්ඩුවෙ ව්‍යාපාර අංසෙ කප් ගහපු පොරවල් අද්දියක්ෂක මණ්ඩලේට පත්කොළා... ඒ අස්සෙ දේසපාලන කස්ටියකුත් පත් වුණා කියමුකො.
ඉතින් මේ දෙගොල්ල ගිය ආණ්ඩුව විසින් හාන්සි කරපු සමාගම ගොඩගන්න පැලෑනත් හදයි.. හදල වැඩේ ගොඩදාවි කියල හිතපු අයට දැන් අඬන්න වෙලා කියලයි ආරංචි... ඒකට හේතුව ආයතනෙ ගොඩගන්න පත් කළ උදවිය ඒ වැඩේ අමතක කරල වලිකෝටියකට පැටලිලාලු. මේ වලිවලට උල්පන්දම්දෙන ඇමැති සයිස් මහත්තුරැ ඉන්න බවයි ආරංචියි... ඉතින් මේ නිසා අද්දියක්ෂක මණ්ඩලේ දෙකට බෙදිල ගෝරි ගොඩයිලු...
තියන වලි හින්ද දැන් සභාපති තැන වැඩට එන්නෙ සතියටම දින දෙකයිලු...
මේ නිසා අපිව ලෝකයට ගෙනියන මොණර සමාගමට ගොඩ ඒමක් නැහැ කියල තතුදත් අය කියනව... ගොඩගන්න බැරිය කියන සමාගමේ මොණරැ දෙන්නෙක් ළඟදිම පකිස්ලන්තෙට දෙන්නත් යනවය කියන කතාවකුත් අපට ඇහුණා.