මටමයි වෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-29-ent-02නිතරම බස් එකේ ගමන් කරන ඒ අතරතුර විවිධාකාර අකරතැබ්බවලට මුහුණදෙන අපේ කලා ශිල්පියෙක් ඉන්නවනෙ. එයාට මූණදෙන්න වුණු කතා අපි මීට කලිනුත් කියලා තියෙනවනෙ.

ඔන්න මේ තමයි එයාට සිද්ධවුණු අලුත්ම සීන් එක.

දවසක් ෂූටිං ඉවරවෙලා කලින්ම කොළඹින් නැග්ගලු කළුතර බස් එකකට. මෙයා ඉන්නෙ වාද්දුව. බස් එකේ ගියත් යන්නෙ හරිම අවධානෙන්. ඔන්න ඔහොම එනකොට ගල්කිස්ස පහුවෙලා රත්මලානට බස් එක කට්ටුවෙනවත් එක්කම මෙයාගෙ පිටිපස්සෙ සීට් එකේ හිටිය වයසක ගෑනු කෙනෙක් ඇහුවලු, "මහත්තයෝ දෙහිවල පහුවුණාද" කියලා.

මෙයා එකපාරටම කලබල වුණාලු.

"ඔව් අම්මෙ දැන් රත්මලානටත් කිට්ටුවෙලා - අම්මා දැන් බැහැලා පාර පැනලා ආපු පැත්තට යන බස් එකක් අරන් දෙහිවලට යන්න ඕනෙ..." මෙයා කියලා තියෙනවා.

ඒත් එක්කම ඔහු බස් එකේ ඩ්‍රයිවර්ටත් කලබලෙන් කියලා මේ අම්මව බස්සන්න කියලා. "මහත්තයො අපිට හෝල්ට් එකෙන් පිට නවත්තන්න බැහැ. ඉස්සරහ හෝල්ට් එකේ තමයි නවත්තන්නෙ." රියැදුරැ මහතා කිව්වලු.

"තමුසෙලා මාර මිනිස්සු. සෙනඟ නග්ගගන්න ඕනෙම තැනක නවත්තනවා, ඒත් මේ අහිංසක අම්මව බස්සන්න බැහැ. මේ වයසක මනුස්සයා දෙහිවල බහින්න ඕනෙ කෙනෙක්," කියලා ඒ අම්මා දිහා බලනකොට එයා ජංගම දුරකතනයෙන් ගජරාමෙට කතාවක්ලු. බහින්න කිසිම ලෑස්තියක් නැහැ.

බැලින්නම් වෙලා තියෙන්නෙ මේක...

"මම බහින්නෙ දෙහිවල නෙවෙයි කටුබැද්දෙ. බස් එක දෙහිවල පහුවුණු ගමන් අපේ පුතාට කෝල් එකක් ගන්න කිව්වා. පුතා කටුබැද්දට ඇවිත් මාව වීල් එකකින් ගෙනියනවා.."

අපේ කලා ශිල්පියාගේ මූණ රතු වුණාලු. වහාම බස් එකෙන් බැහැලා ඔහු වෙන බස් එකක නැඟලා ගෙදර ගියාලු.

 

DESHAYA