මටනම් සල්ලි ලොකුයි
මේ දෙන්නානම් කිව්ව සැණින් කවුරුත් දන්න හඳුනන කලා ශිල්පීන්. අඩුම ගාණෙ සතියකට වරක් මුණගැහිලා රෑ කෑමකටවත් සෙට්වෙන අඹ යෙහෙළියන්. මේ දෙන්නගෙ යාළුකමට අවුරැදු 15ක් 20ක් විතර වෙනවා.ඔන්න ඔහොම ඉන්නකොට මේ දෙන්නගෙන් එක් ශිල්පිනියකට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ප්‍රධාන චරිතයට එයාගෙ ඔළුවට ආවෙ ඇගේ හොඳම මිතුරිය.මම දන්නවා උඹ මට බැහැ කියන්නෙ නැති බව. මගේ පළවැනි වැඩේ ප්‍රධාන චරිතය උඹ කරන්නම ඕනෙ, මිතුරිය කිව්වලු.
අයියෝ අවුලක් නැහැ. ඒත් මට දවසකට රුපියල් 50,000ක් දීපන්..මොකා? උඹට දවස් 10කට වැඩ තියෙනවා. විහිළු කරනවද?
විහිළු නෙවෙයි බං. අපේ යාළුකම් වෙනයි. සල්ලි වෙනයි.අනේ මටනම් යාළුකම් ඔක්කොටම වඩා වටිනවා...
යාළුකම් කෙසේ වෙතත් මටනම් සල්ලි තමයි ලොකු, ඇය ගත් කටටම කිව්වලු.