මට තෝ ඕනෙ
ලංකාවේ ප්රවීණ කලා ශිල්පියෙක් පහුගිය උත්සව සමයේ නිවාඩු පාඩුවේ කාලය ගත කරලා තියෙනවා.
දවසක් ඔහුගේ පුංචි මුණුබුරත් එක්ක කොළඹ ප්රසිද්ධ සුපිරි සාප්පු සංකීර්ණයට ගියාලු තෑගිබෝග ගන්න.
ඔන්න ළමයින්ගෙ සෙල්ලම් බඩු අලෙවි කරන සාප්පුවකට ගිහින් පොඩි එකාගෙන් ඇහුවලු බබාට මොනවද ඕනෙ කියලා.
"අනේ සීයෙ මට තෝ ඕනෙ.." කියලා මහ හයියෙන් කිව්වලු.
සීයගෙ මූණ රතුවුණාලු. කොල්ලා ආයිත් අඬනවලු "මට තෝ ඕනෙ," කිය කියා.
සාප්පුවේ කළමනාකරැ මේ ගැටලුව තේරැම් අරන් පොඩි පුතාට සෙල්ලම් බඩුවක් ගෙනත් පෙන්නුවලු.
"බබාට මේ තෝද ඕනෙ?.."
"ඔව් අංකල්... සීයෙ මට මේ තෝ අරන් දෙන්න..."
ප්රවීණ කලා ශිල්පියාට කතාව වැටහුණේ කළමනාකරැ ඔහුට ඒ බව තේරැම් කරලා දුන්නට පස්සෙ.
"තෝ (THOR) කියන්කෙ ලෝ ප්රකට MARVEL මාලාවේ එන එක චරිතයක්. හරියට ස්පයිඩර් මෑන්, අයන් මෑන්, හල්ක් වගේ. මහත්තයො අපට වඩා මේවා ගැන දන්නෙ අපේ පුංචි ළමයි. මේ බබත් සීයට වඩා දැනුම්වත්. අපි ඒ ගැන ලජ්ජා වෙන්න ඕන නැහැ. මමත් මේ සාප්පුවේ කළමනාකරැ වුණාට මම ගොඩාක් දේවල් දැනගත්තෙ අපේ චූටි පුතාගෙන්" ඔහු කිව්වලු.